2018/11/12







2018/10/20

සමස්ත ලංකා යගුළිය දැමීමේ ශූරතාව කල්තොට රෝහණ විදුහලේ ඉඳුවර රත්නසිරි සිසුවාට


බළන්ගොඩ කල්තොට ගොවි ජනපදයේ පිහිටි දුෂ්කර පාසලක් වන කල්තොට රෝහණ විද්‍යාලයේ ටී.ඩී.එස්. ඉඳුවර සිසුවා 2018 සමස්ත ලංකා ජයග්‍රහණයක් ලබා ඇත. 8 වැනි ශේ‍ර්ණියේ ඉගෙනුම ලබන ඉඳුවර රත්නසිරි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ 14න් පහළ බාලක යගුළිය දැමීමේ තරගයෙන් ප්‍රථම ස්ථානය ලබා ඇත. 


2018/10/19

14,15 සහ 16 යන තෙදින පුරා පැවැති මෙම ක්‍රීඩාවලිය සඳහා සබරගමුවේ පාසල් 191ක දරු දැරියන් 3,200ක් පමණ සහභාගි වූහ. 1-5 වසරවල දරු දැරියන් සහභාගි වූ මෙම තරගාවලියේ 3 වැනි ශේ‍ර්ණියේ බාලක ප්‍රථම ස්ථානය ඇඹිලිපිටිය රාජකීය විද්‍යාලය, දෙවැනි ස්ථානය දැදිගම ප්‍රාථමික විද්‍යාලය, තෙවැනි ස්ථානය අල්ගම මැදගම ප්‍රාථමික විද්‍යාලයට හිමි විය. එහි බාලිකා ප්‍රථම ස්ථානය ගලිගමුව ප්‍රාථමික විද්‍යාලය, දෙවැනි ස්ථානය ඇඹිලිපිටිය උඩවලව ප්‍රාථමික විද්‍යාලය, තෙවැනි ස්ථානය අල්ගම මැදගම ප්‍රාථමික විද්‍යාලයට හිමි විය.
4 වැනි ශේ‍ර්ණියේ බාලක ප්‍රථම ස්ථාන අල්ගම මැදගම ප්‍රාථමික විද්‍යාලය, දෙවැනි ස්ථානය ඇඹිලිපිටිය උඩවලව ප්‍රාථමික විද්‍යාලය, තෙවැනි ස්ථානය නිවිතිගල ඇලපාත විද්‍යාලය යන පාසල් දිනාගනු ලැබීය. එහි බාලිකා ප්‍රථම ස්ථානය ඇඹිලිපිටිය රාජකීය විද්‍යාලය, දෙවැනි ස්ථානය ඇඹිලිපිටිය උඩවලව ප්‍රාථමික විද්‍යාලය, තෙවැනි ස්ථානය අල්ගම මැදගම ප්‍රාථමික විද්‍යාලය යන පාසල් දිනාගනු ලැබීය.
5 වැනි ශේ‍ර්ණියේ බාලක ප්‍රථම ස්ථානය අල්ගම මැදගම ප්‍රාථමික විද්‍යාලය, දෙවැනි ස්ථානය ඇඹිලිපිටිය රාජකීය විද්‍යාලය, තෙවැනි ස්ථානය බළන්ගොඩ කුමර විද්‍යාලය යන පාසල් දිනා ගත් අතර එහි බාලිකා ප්‍රථම ස්ථානය ඇඹිලිපිටිය රාජකීය විද්‍යාලය, දෙවැනි ස්ථානය අල්ගම මැදගම ප්‍රාථමික විද්‍යාලය, තෙවැනි ස්ථානය ඇඹිලිපිටිය උඩවලව ප්‍රාථමික විද්‍යාලය යන පාසල් දිනා ගෙන තිබිණි.
ක්‍රියාකාරීව ප්‍රීතිමත් වෙමු' යන තේමාව පෙරටු කරගෙන පැවැති මෙම තරගාවලිය පළාතේ පාසල් පද්ධතීන් උදෑසන ක්‍රියාත්මක වන පාසල් ප්‍රාථමික අංශයේ ශරීර සුවතා වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක ක්‍රීඩා උළෙලකි. මෙමඟින් සබරගමුව පළාතේ පාසල්හි ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලබන දරු දැරියන්ගේ කායික මානසික සමබරතාව ඇති කිරීම අපේක්ෂා කෙරේ. පාසල් මට්ටම, කොට්ඨාස මට්ටම, කලාප මට්ටම, පළාත් මට්ටම දක්වා මෙම තරගාවලිය පැවැත්වේ.
මෙය විනිශ්චය කටයුතු සඳහා ගුරුවරු 200ක එක්ව සිටි අතර පැවැති තරග ඉසව් ගණන 7කි. තරගාවලියේ ජය පරාජයට වඩා සිසු දරු දැරියන්ගේ සහභාගිත්වය, ජය පරාජය සමව දරාගැනීම, දරු දැරියන්ගේ ඉවසීම, කැපවීම, අනේ‍යාන්‍ය අවබෝධය, නිරෝගී කායික හා මානසික සමබරතාවක් සහිත නිරෝගී පරපුරක් බිහි කිරීම මෙමඟින් අපේක්ෂිතයි.
මෙදින පැවැති සමාප්ති උළෙලේදී ජයග්‍රහණය ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත සහතික පත්‍ර සහ ජයසංකේත ප්‍රදානය කිරීම සබරගමුව පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් හේරත් පී. කුලරත්න, පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද එස්. වීරසූරිය සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සේපාල කුරුප්පුආරච්චි, ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂ උපසාර අලහකෝන්  යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



2018/10/18
                                                              ක්‍රීඩා අංශයේ සුභ පැතුම්  


අනුරාධපුරයේදී පැවැත්වෙන 47 වැනි ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ට පාසල් මලල ක්‍රීඩා ශූරතාවලියේ දෙවැනි දිනයේදී නව තරග වාර්තා තුනක් පිහිටුවීමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.
රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ ටී.ඕ.වී. ආරියවංස බාලක වයස 15 න් පහළ මීටර 80 කඩුලු පැන දිවීමේ ඉසව්වෙන් නව තරග වාර්තාවක් බිහිකිරීමට සමත් විය.
 රත්නපුර සුමනා බාලිකා විද්‍යාලයේ එස්. දහම්සා කහන්ගම බාලිකා වයස 15 න් පහළ මීටර 80 කඩුලු පැන දිවීමේ ඉසව්වේ පෙර තරග වාර්තාව සම කිරීමට සමත් වූවාය.

.

2018/10/17

ශ්‍රී මත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය 

ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය වාර්ෂිකව සංවිධානය කරනු ලබන 49 වැනි ශ්‍රී මත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය අද (17දා) සිට 19දා දක්වා අනුරාධපුර ජාතික ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.
සිලෝන් බිස්කට්ස් සමාගමේ "රිස්ට්බරි" නොකඩවා 8 වැනි වරටත් අනුග්‍රහය සපයන මෙම තරගාවලිය සඳහා වයස අවුරුදු 12න්, 13න්, 14න් සහ 15න් පහළ බාලක/බාලිකා වශයෙන් වයස් කාණ්ඩ 4ක් යටතේ පාසල් 468ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4500ක් පමණ සහභාගි වීමට නියමිතව ඇත.
ඒ අනුව හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේ, මහනුවර බෝගම්බර ක්‍රීඩංගණයේ සහ පොළොන්නරුව රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේ පැවැති පළාත් තරගවලින් තෝරාගන්නා ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද සිට 19 දා දක්වා පැවැත්වෙන ජාතික මට්ටමේ අවසන් තරග සඳහා සහභාගි වීමට නියමිතය.

මේ අතර අද පෙරවරු 8.30ට අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන උපදේශක සුනිල් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන මෙම තරගාවලියේ පළමු දිනයේදී ඉහත වයස් කාණ්ඩවල බාලක සහ බාලිකා මීටර් 80 කඩුලු මූලික වටයේ තරගත්, මීටර් 200 බාලක සහ බාලිකා මූලික වටයේ තරග සහ බාලක සහ බාලිකා මීටර් 80 කඩුලු අවසන් පූර්ව තරගත් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

34 වැනි සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලිය

ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 6,000 කට අධික සංඛ්‍යාවක් සහභාගීවන 34 වැනි සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලිය ඔක්තෝම්බර් මස 1 වැනිදා සිට 05 වැනිදා දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භවන මේ මලල ක්‍රීඩා තරගාවලියේ ජය සංකේත ප්‍රදානය හා සමාප්ති උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සැලසුම් කොට ඇත.වසර 1984දී එවක අධ්‍යාපන ඇමතිවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක්මත ආරම්භවූ මේ මලල ක්‍රීඩා උළෙල පාසල් දරුවන්ගේ දක්ෂතා එළි දැක්වීම උදෙසා ඇති හොඳම අවස්ථාව ලෙස සැලකේ. මෙවර තරගාවලිය සඳහා පසුගියදා නිමාවූ දකුණු ආසියා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී හා ආසියා කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේදී දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගීවන බැවින් වඩාත් උණුසුම් ස්වරූපයක් ගනු ඇත. මෙහිදී ජයග්‍රහණය ලබන දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 62කට මුදල් තෑගි පිරිනැමේ.

ක්‍රීඩා උළෙලේ ගිනිසිළුව දැල්වීම ආසියා කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේදී මීටර් 400 රන් පදක්කම් දිනූ අකුරම්බොඩ ජාතික පාසලේ අරුණ දර්ශන හා දකුණු ආසියා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කම් 4ක් දිනාගත් මහනුවර ස්වර්ණමාලී බාලිකා විදුහලේ අමාශා ද සිල්වා යන දෙපල සිදු කරති. ක්‍රීඩක ප්‍රතිඥාව කියැවීම කුරුණෑගල මලියදේව විදුහලේ පසිදු කොඩිකාර සිදුකරනු ඇත.

2018/09/19
 මලල ක්‍රීඩා සංචිත 
ක්‍රීඩා අංශයේ සුභ පැතුම්  
ක්‍රීඩක ක්‍රීඩිකාවන් 106 දෙනෙකුගෙන් සමන්විත මලල ක්‍රීඩා පුහුණු සංචිත තුනක් ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය පියවර ගෙන තිබේ. සුපිරි, විශේෂ හා ජාතික යන කාණ්ඩ තුනකින් මෙතැන් සිට පවත්වාගෙන යන මෙම මලල ක්‍රීඩා සංචිත ලබන වසරේදී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙල හා ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය ප්‍රධාන වශයෙන් ඉලක්ක කරමින් ස්ථාපිත කර තිබේ. 
මේ සදහා සබරගමුව පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනෙකු තේරී පත්වීම සබරගමුව පළාත ලැබු විශිෂ්ට ජයග්‍රහණයකි.
ජාතික මලල ක්‍රීඩා සංචිතය 

(පිරිමි)
මීටර 110 කඩුලු රොෂාන් රණතුංග

විශේෂ මලල ක්‍රීඩා සංචිතය
 (කාන්තා) - 
මීටර 200, මීටර 100, මීටර 4X100 - රුමේෂිකා රත්නායක

2018/09/19

2018/09/19
ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය
පාසල් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15,000 ක් පමණ සහභාගි වන ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය අද (19 වැනිදා) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය විසින් 88 වැනි වරටත් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය මේ මස 21 වැනිදා දක්වා දින තුනක් පුරා ‘රිට්ස්බරි’ අනුග්‍රහයෙන් පැවැත්වේ.
අද ඇරඹෙන ජ්‍යෙෂ්ඨ තරගාවලියේදී වයස් කාණඩ තුනකින් (වයස 16 න් පහළ, 18 න් පහළ සහ 20 න් පහළ) තරග පැවැත්වේ.
මෙවර තරගාවලියේදී වයස 16 න් පහළ, සහ 18 න් පහළ වයස් කාණ්ඩයන්හි දක්‍ෂතම ක්‍රීඩකයන් 6 දෙනාට ජාතික තලය දක්වා සිය දස්කම් ඔප්නංවා ගැනීමට මූල්‍ය ආධාර සැපයීමටද ‘රිට්ස්බරි’ නිෂ්පාදකයක් වන සිලෝන් බිස්කට්ස් සමාගම ඉදිරිපත් වී සිටී.
වයස 12 න් පහළ, 13න් පහළ, 14 න් පහළ සහ 15 න් පහළ තරග ඉසව් සඳහා වන ජෝන් ටාබට් කනිෂ්ඨ තරගාවලිය ඔක්තෝබර් 17 වැනිදා සිට 19 වැනිදා දක්වා අනුරාධපුරයේදී පැවැත්වේ. කනිෂ්ඨ තරගාවලිය සඳහා ඉදිරිපත් වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව විශාල වන බැවින් කනිෂ්ඨ තරගාවලිය අදියර තුනකින් පැවැත්වේ.
හංවැල්ල, බෝගම්බර සහ පොලොන්නරුව යන කලාපීය තරග වලින් සුදුසුකම් ලබාගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පමණක් අනුරාධපුරයේදී පැවැත්වෙන කනිෂ්ඨ තරගාවලියේ අවසන් වටයට සහභාගි වෙති.

2018/09/16

නිවිතිගල කලාපයේ සමස්ත ලංකා තරග සදහා සුදුසුකම් ලැබූ දරු දැරියන් සදහා පුහුණු කදවුරක් 15/16  දින මුද්දුව ක්‍රීඩා පිටියේදී  නිවිතිගල කලාපයේ ක්‍රීඩා අධ්‍යක්ෂ සුමිතා දෙල්ගොඩ ආරචිචි මහත්මියගේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවැත්විණි. 

2018/09/15
ආසියානු සමුළු වයස 16න් පහළ (බාලිකා) පාපන්දු තරගාවලිය 

                                     සත්කාරක ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් පහක් තරග වදින ආසියානු සමුළු වයස 16න් පහළ (බාලිකා)           පාපන්දු තරගාවලිය අද (15) කොළඹ සී. ආර්. පිටියේදී ආරම්භ වේ. මෙම තරගාවලියේදී ශූරතාව හා අනුශූරතාව ලබන     කණ්ඩායම් දෙක වසර 2019 තායිලන්තයේදී පැවැත්වෙන ආසියානු සමුළු වයස 16න් පහළ තරග අවසන් වටයට සුදුසුකම් ලබයි.
චීනය, ජෝර්දානය, උස්බෙකිස්ථානය හා ගුවාම් රාජ්‍යය තරගාවලියට සහභාගි වන සෙසු රටවල් වෙති.
පසුගිය මාස තුනකට ආසන්න කාලයක් පුරා පුහුණුවීම්වල නිරත වෙමින් පසුගිය අගෝස්තු 9 වැනිදා සිට 18 වැනිදා දක්වා තිම්පු නුවරදී පැවැති දකුණු ආසියානු (සාෆ්) වයස 15න් පහළ පාපන්දු (බාලිකා) තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් දෙදෙනකු හැරෙන්නට සෙසු එහි සියලුම ක්‍රීඩිකාවෝ මෙම තරගාවලියට නිර්දේශිත ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටිති. 
ඒ. කේ. එම්. මොහොමඞ් අජ්වාඞ් මහතා මෙම තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයේ කටයුතු කරයි. මොහු සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ශාරීරික අධ්‍යාපන ගුරුවරයෙක් ලෙස දැනට කටයුතු කරයි.
වසර 2012 න් පසුව වයස 16න් පහළ ශ්‍රී ලංකා බාලිකා පාපන්දු කණ්ඩායමත් ආසියානු ශූරතා තරගාවලියට සහභාගී වන පළමු අවස්ථාව මෙය වේ. පසුගිය අගෝස්තු මාසයේ තිම්පු නුවරදී පැවති දකුණු ආසියානු තරග සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන් කුරුණෑගල කවිසිගමුව මහ විදුහලේ උත්පලා කවිඳි ජයකොඩි මෙම තරගාවලියේදී  ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරයි.
තිම්පු නුවර පැවති දකුණු ආසියානු වයස 15 න් පහළ බාලිකා තරගාවලියේදී ඉන්දියාවට එරෙහිව ගෝල 12-0 කින් හා සත්කාරක භූතානයට එරෙහිව ගෝල 6-0 කින්ද මූලික වටයේදී පරාජයවීම නිසා ශ්‍රී ලංකාවට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.
ශ්‍රී ලංකා වයස 16න් පහළ පාපන්දු (බාලිකා) කණ්ඩායම:
උත්පලා කවිඳි ජයකොඩි (නායිකා) කුරුණෑගල කවිසිගමුව ම.වි, සඳරුවනි බණ්ඩාර (උප නායිකා පොලොන්නරුව බන්ඩිවැව ම.වි) මලීකා ෂහානි, විනුතී ෂනෙල්කා (කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල) ඒ.බී.එම්. කොනිසිකා, බී. ෂියන්තිනි, ආර්. තිරුෂාන්තිනි (යාපනය පන්ඩතිරිප්පු උසස් බාලිකා විදුහල) නිම්සරා කුමාරි, නෙත්මි ගුණරත්න (බිබිලේ ම.වි.) ජේ. ජෙතුන්සිකා, එස්. නවප්‍රියා, යූ. ජොනිකා (යාපනය මහජන විදුහල) කෂානි ජයකඩු, මින්තරා සේනාධීර, මධුභාෂිනි දිසානායක, ඩබ්.ඒ.එල්. වර්ෂධීර, මධුෂානි කුමාරි, සන්කලනි බණ්ඩාර (කුරුණෑගල මලියදේව බාලිකා විදුහල), අනුත්තරා කහටපිටිය (රන් පොකුණගම ම.වි) නිසංසලා කුමාරිහාමි (ගම්පොල ශාන්ත ජෝශප් විදුහල) සෙනුරි බණ්ඩාර (මහනුවර එස්.ඩී.ආර්.ඩී. බණ්ඩාරනායක ම.වි.) දසුනි හංසිකා (කිරිබත්ගොඩ විහාරමහා දේවි බාලිකා වි) රසුනි සත්වාදන (කෑගල්ල බාලිකා විදුහල)

2018/09/15
ජෝන් ටාබට් පාසල් මලල ක්‍රීඩා‍ ශූරතාවලිය
මෙරට ඉපැරණිතම පාසල් මලල ක්‍රීඩා තරගාවලිය වන ශ්‍රීමත් ජෝන් ටාබට් පසල් මලල ක්‍රීඩා තරගාවලිය මේ මස 19 වැනි දා සිට 21 වැනිදා දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මේ ක්‍රීඩා උළලේ දී දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කුසලතා වර්ධනය කරගැනීම සඳහා පාසල් මලල ක්‍රීඩා සංගමයේ අධීක්ෂණය යටතේ මසකට රු.5000ක් බැගින් වසරකට රුපියල් 60000ක දීමනාවක් ලබාදීමට කටයුතු කරන බවයි.එය සංකේවත් කරමින් පසුගිය වසරේ පැවැති තරගාවලියේ දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනකුට මුදල් ත්‍යාග පිරිනැමීමද මෙහිදී සිදු කෙරිණි.
ඒ අනුව ඩී.එම්.එච්.එස්.කරුණාරත්න (වලල ඒ රත්නායක), එච්.එම්.බිමාෂි අස්මිකා (කුලියාපිටිය ම.ම.වි.), එච්.එස්.සඳිනි කවීෂා (දික්වැල්ල විජිත ම.ම.වි.), ඩිලාන් මධුසංක (කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල ම.වි.), සඳමිණි බණ්ඩාර (කෑගල්ල සා.ජෝශප් බා.වි.) සහ ඩී.එම්.ඩී.එස්.රත්නසිරි (ඇඹිලිපිටිය මොරකැටිය ම.වි.) ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ සඳහා සුදුසුකම් ලබාසිටියහ.

ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ ලෙසින් පැවැත්වෙන ජෝන් ටාබට් මලල ක්‍රීඩා උළෙලේ ජ්‍යෙෂ්ඨ තරග අවුරුදු 16, 18 සහ 20න් පහළ ලෙස පැවැත්වෙන අතර ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 4500කට ආසන්න පිරිසක් එක්වීමට නියමිතය.මේ අවස්ථාවට එක්වූ අධ්‍යාපන අමාත්‍යවරයාගේ විශේෂ ක්‍රීඩා උපදේශක සුනිල් ජයවීර මහතා පැවැසුවේ මෙරට පැරණිතම ක්‍රීඩා උළෙල වන මෙය මෙරට ඉතාමත් දක්ෂ ජාතික හා ජාත්‍යන්තර මලල ක්‍රීඩා ක්‍රීඩිකාවන් බිහිකල තොතැන්න වන බවයි.
මීට සමගාමීව පැවැත්වෙන කනිෂ්ඨ ක්‍රීඩා උළෙල ලබන මස 17 දා සිට 19 වැනිදා දක්වා අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.


සමස්ත ලංකා  පාසල් මලල ක්‍රීඩා උළෙල 2018


ක්‍රීඩාව                                                                  

     පැවැත්වෙන දිනය                                                      
            පැවැත්වෙන ස්ථානය
මාර්ග ධාවන සැප්තැම්බර් 06,07 කුලියාපිටිය නගරය
ක්‍රිකට් (සැහැල්ලු පන්දු) සැප්තැම්බර් 08,09,10


1. සඳලංකාව ම.ම.වි.
2. ඇලබඩගම සිංහල ම.වි.
3.පන්නල ම.වි.             
4.බෝපිටිය ම.වි.
5.වික්‍රමශීලා ම.වි.


ක්‍රිකට් (ලෙදර් පන්දු) සැප්තැම්බර් 14,15,16
කුරුණෑගල
1. ශාන්ත ආනා විද්‍යාලය
2. මලියදේව විද්‍යාලය             
3. වෙලගෙදර ක්‍රීඩාංගනය
බාස්කට් බෝල්           සැප්තැම්බර් 08,09,10,11


1. රාජකීය විද්‍යාලය
2. ශාන්ත ජෝශප් වි., මරදාන
3. නාලන්දා විද්‍යාලය
4. සිරිමාවෝ බා.වි.
5. ශාන්ත ජෝශප් බා.වි.,නුගේගොඩ
බැඩ්මින්ටන්සැප්තැම්බර් 09,10,11

1. රාජකීය විද්‍යාලය, කොළඹ 07
2. ඩී.එස්.සේනානායක විදුහල,කොළඹ
ඇරොබික්ස්ජිම්නාස්ටික්      සැප්තැම්බර් 08,09,10

නගර සභා ගෘහස්ථ ක්‍රීඩාංගනය,         මහනුවර
රග්බි සැප්තැම්බර් 08,09,10

බෝගම්බර ක්‍රීඩා පිටිය, මහනුවර
කරාතේ සැප්තැම්බර් 08,09,10

දිගන නගර සභා ගෘහස්ථ ක්‍රීඩාංගනය, මහනුවර



කබඩි


සැප්තැම්බර් 08,09,10


අස්ගිරිය ක්‍රිකට් ක්‍රීඩාංගනය, මහනුවර
වොලිබෝල්සැප්තැම්බර් 08,09,10,11 රුවන්වැල්ල ජාතික පාසල, රුවන්වැල්ල


ත්‍රෝ බෝල්


සැප්තැම්බර් 16,17,18


මහවැලි ක්‍රීඩාංගනය,ඇඹිලිපිටිය


නෙට්බෝල්


සැප්තැම්බර් 16,17,18


සුමංගල ජාතික පාසල, හික්කඩුව


චෙස්


සැප්තැම්බර් 16,17,18


ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ
පාපන්දු සැප්තැම්බර් 16,17,18,19
අනුරාධපුර
1. ස්වර්ණපාලි බාලිකා විද්‍යාලය
2. අනුරාධපුර මධ්‍ය විද්‍යාලය
3. යුනයිටඩ් ක්‍රීඩාංගනය      අනුරාධපුරය
4. බන්ධනාගාර ක්‍රීඩාංගනය
5. මහජන ක්‍රීඩා පිටිය
6. නගරසභා ක්‍රීඩාංගනය
එල්ලේ සැප්තැම්බර් 16,17,18

අනුරාධපුර 1. සාලියපුර ගජබා යුද හමුදා ක්‍රීඩාංගනය
2. සමාධි ක්‍රිකට් ක්‍රීඩා පිටිය                                අනුරාධපුරය
3. දීපානි මහ විදුහල
4. හමුදා සංඥා බලකා මූලස්ථානය


ටේබල් ටෙනිස්


සැප්තැම්බර් 15,16,17


ශාන්ත තෝමස් ක්‍රීඩාගාරය , ගල්කිස්ස


කැරම්


සැප්තැම්බර් 16,17,18


රාජකීය විද්‍යාලය - කොළඹ 07
හොකී සැප්තැම්බර් 16,17,18
1 කෘතිම ක්‍රීඩාංගනය, කොළඹ 07
2 රාජකීය විද්‍යාලය, කොළඹ 07
3 ශාන්ත පීතර විද්‍යාලය, කොළඹ 04


පිහිණුම්


සැප්තැම්බර් 21,22,23


සුගතදාස පිහිණුම් තටාකය, කොළඹ


ජිම්නාස්ටික්


සැප්තැම්බර් 25,26,27


සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරය, කොළඹ


ටෙනිස්


සැප්තැම්බර් 25,26


ටෙනිස් සංගම් මූලස්ථානය, කොළඹ





අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන සමස්‌ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග ලබන ඔක්‌තෝබර් 01 වැනිදා සිට 05 වැනිදා දක්‌වා බදුල්ල වින්සන්ට්‌ ඩයස්‌ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට යෝජනා වී තිබේ.

 සමස්‌ත දිවයිනම ආවරණය වන පරිදි පාසල් 10,000 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරගාවලිය නියෝජනය කිරීමට නියමිතව ඇත. පාසල් නිවාසාන්තර ක්‍රීඩා උළෙලවලින් පසුව කොට්‌ඨාස, කලාප සහ පළාත් තරගවලට සහභාගි වෙමින් ජයග්‍රහණය ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම තරගාවලියට සහභාගි වේ.

 මෙවර ක්‍රීඩා උළෙල අදියර 04 ක්‌ යටතේ පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශයේ සෞඛ්‍ය, ක්‍රීඩා සහ ශාරීරික අධ්‍යාපන අංශය පියවර ගෙන ඇත. එහිදී පළමු අදියර ජුනි මස 29, 30 සහ ජූලි 01 දිනවලදීත් දෙවැනි අදියර සැප්තැම්බර් මස 16, 17 සහ 18 දිනවලදීත් පැවැත්වෙන අතර ජවන හා පිටිය මලල ක්‍රීඩා සහ ශාරීරික යෝග්‍යතා තරග අවසන් අදියර වශයෙන් ක්‍රියාත්මක කෙරේ.

 සමස්‌ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලට අයත් මලල ක්‍රීඩා තරග ඉසව් අවුරුදු 20 න් පහළ, 18 න් පහළ, 16 න් පහළ 14 න් පහළ සහ 12 න් පහළ යන වයස්‌ කාණ්‌ඩ යටතේ පැවැත්වීමට නියමිතව තිබේ. ඒ අනූව පළමු අදියර යටතේ වෙරළ වොලිබෝල්, මල්ලවපොර, ජූඩෝ, ටයිකොන්ඩෝ, ඉර ඉසිලීම, ශාරීරික අභ්‍යාස, පාපැදි, ටෙනිස්‌ සහ බොක්‌සිං තරග පැවැත්වෙන අතර දෙවැනි අදියර යටතේ මාර්ග ධාවන තරග, හොකී, පැසිපන්දු, ක්‍රිකට්‌, කරාතේ, බැඩ්මින්ටන්, පිහිනුම්, ත්‍රොaබෝල්, ඇරොබික්‌ස්‌, රග්බි, පාපන්දු සහ වොලිබෝල් තරග පැවැත්වීමට නියමිතය. තෙවැනි අදියර යටතේ දැල්පන්දු, එල්ලේ, චෙස්‌, මේස පන්දු, කැරම් සහ ජිම්නාස්‌ටික්‌ ආදී තරග පැවැත්වීමට යෝජිතව ඇත.

 ඉකුත් වසරේ දියගමදී පැවැති සමස්‌ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ බාලක ශූරතාව මීගමුව මාරිස්‌ටෙලා විදුහල විසින්ද එම බාලිකා ශූරතාව වලල ඒ. රත්නායක විදුහල විසින්ද දිනා ගන්නා ලදී. අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ ක්‍රීඩා උපදේශක සුනිල් ජයවීර සහ අධ්‍යක්‍ෂ (පුහුණු හා සැලසුම්) මංජුල කාරියවසම් යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් යුත් කමිටුවක්‌ මගින් මෙවර තරග සැලසුම් කර තිබේ.
2018/08/10

සබරගමුව පළාතට විශිෂ්ට ජයක්

අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ නෙස්ලේ ලංකා ආයතනයේ ‘මයිලෝ’ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය සංවිධාන කළ ‘රෝඩ් ටු බාසිලෝනා’ සමස්ත ලංකා වයස අවුරුදු 12න් පහළ පාපන්දු තරගාවලියේ පිරිමි ශූරතාව දිනා ගැනීමට කින්යාහී අල් අක්සා මහ විදුහල සමත් වූ අතර බාලිකා ශූරතාව ්කු රුණෑගල කවිසිගමුව මධ්‍ය මහ විදුහල සමත් විය.
බාලිකා තරගාවලියේ තෙවන ස්ථානය සබරගමුව පළතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ පල්ලෙකණුගල විද්‍යාලය දිනා ගෙන ඇත.
අවසන් වටයේ තරග සඳහා බාලක හා බාලිකා කණ්ඩායම් 32 බැගින් එක්ව සිටි අතර තරගාවලියේ ජය සංකේත ප්‍රදානය ඌව පළාත් ප්‍රධාන ඇමැති චාමර සම්පත් දසනායක, අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂ කර්නල් මංජුල කාරියවසම් සහ නෙස්ලේ ලංකා සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු සජීව වික්‍රමසිංහ මහත්වරුගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මේ තරගාවලියේ දැක්වූ දක්ෂතා මත තෝරාගත් හොඳම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 500 දෙනකු වෙනුවෙන් විශේෂ පුහුණු කඳවුරක් පැවැත්වෙන අතර ඉන් තෝරා ගන්නා දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනෙකුට ලොව සුප්‍රසිද්ධ පාපන්දු කණ්ඩායමක් වන යුරෝපයේ බාසිලෝනා පාපන්දු ක්‍රීඩා සමාජයේ බ්‍රකා පාපන්දු පාසලේ (BRACA Academy) සිවුදින පුහුණු කඳවුරකට සහභාගි වීමට අවස්ථාව උදාවෙයි.
2018/08/09

සබරගමුව පළාතට විශිෂ්ට ජයක්



96 වැනි ජාතික මහා ක්‍රීඩා  උලෙල 2018,කඩුලු දිවීමේ ඉසව්වෙන් ,පළමු  ස්ථානයට පත් වු රත්නපුර ගොඩකවෙල රොශාන් දම්ම්ක ට සබරගමුව පළාත් ක්‍රීඩා අංශයේ උණුසුම් සුභපැතුම්

2018/08/07
පාසල් පුහුණුකරුවන්ට සම්මන්ත්‍රණයක්
අධ්‍යාපන අම්‍යාතංශය සහ පාසල් ක්‍රිකට් සංගමය එක්ව පාසල් ක්‍රිකට් පුහුණුකරුවන් වෙනුවෙන් සංවිධානය කරන සම්මන්ත්‍රණයක් මේ මස 10 වැනිදා පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා අධ්‍යාපන අම්‍යාතංශ ප්‍රධාන ශ්‍රවනාගාරයේදී පැවැත්වේ. 
පාසල් ක්‍රිකට් ක්‍රීඩාව වර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ 2 වැනි පියවර ලෙස පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණයේ අරමුණ වන්නේ පුහුණුකරුවන්ගේ ආකල්ප වර්ධනය කිරීම සහ ඔවුන්ගේ දැනුම එකම මට්ටමකට ගැනීමයි. 
පුහුණුකරුවන් 300 කගේ පමණ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණයේදී හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන මහේල ජයවර්ධන, සිදත් වෙත්තමුනි, රොෂාන් මහානාම සහ ජයන්ත සෙනෙවිරත්න යන මහත්වරු දේශන පැවැත්වීමට නියමිතය. 

2018/08/06

බාසිලෝනා යන්නත් සුදුස්සන් තෝරන 12න් පහළ ‘මයිලෝ’ පාපන්දු තරගාවලිය ලබන 8-9 බදුල්ලේදී  

නෙස්ලේ ලංකා සමාගමේ මයිලෝ අනුග්‍රාහකත්වය යටතේ ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සංවිධානය කරනු ලබන අවුරුදු 12න් පහළ පළාත් පාපන්දු තරගාවලියේ අවසන් තරග අගෝස්තු 8 හා 9 යන දෙදින බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතය.

2018/08/05

සබරගමුව පළාතට විශිෂ්ට ජයක්

19න් පහළ අනුශූරතාව රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයට


DSI සුපර් ස්පෝර්ට්ස් පාසල් වොලිබෝල් ශූරතාවලියේ වැදගත්ම හා උද්වේගකරම ඉසව්ව වන වයස අවුරුදු 19න් පහළ බාලක අවසන් මහා තරගය අද (4) දිනයේ අවසන් තරගය ලෙස මහරගම යොවුන් කැදැල්ලේ දී පැවැත්වුණා.
දිවයිනේ වොලිබෝල් ක්‍රීඩාවට නම් දැරූ සුපිරි කණ්ඩායම් දෙකක් වන නාත්තන්ඩිය ධම්මිස්සර විද්‍යාලය හා රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය තරගාවලියේ ශූරයින් ලෙස තමන්ගේ පාසලට ගෞරවය රැගෙන යන්නට තියුණු සටනක නිරත වූ අතර සුපිරි වේගවත් ක්‍රීඩා රටාවකින් ක්‍රීඩා පිටිය දෙවනත් කළ නාත්තන්ඩිය ධම්මිස්සර ක්‍රීඩකයින් වට 3-0ක් ලෙස ජයග්‍රහණය තමන් සතු කරගත්තේ වයස අවුරුදු 19න් පහළ ශූරතාව තමන් සතු කර ගනිමින්.


2018/08/04

17න් පහළ ශූරතාව රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයට

DSI සුපර් ස්පෝර්ට්ස් පාසල් වොලිබෝල් ශූරතාවලියේ අවසාන මහා තරග පැවැත්වෙන දෙවන හා අවසන් දිනය වන අද (4) උදෑසන පළමු තරගයට එක්වුණේ වයස අවුරුදු 17න් පහළ බාලක අවසන් මහා තරගයට ක්‍රීඩා කළ මාරවිල සාන්ත සේවියර් විද්‍යාලය හා රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයයි.
දිනයට සුපිරි ආරම්භයක් ලබා දෙමින් විශිෂ්ට තරගයකින් පසු වට 3-0ක් ලෙස වයස අවුරුදු 17න් පහළ ශූරතාව දිනා ගැනීමට රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය සමත් විය. 

XXVIII වෙනි සබරගමුව පළාත් පාසැල් මලල ක්‍රීඩා තරගාවලිය - 2018
XXVIII වෙනි සබරගමුව පළාත් පාසැල් මලල ක්‍රීඩා තරගාවලිය සමාරම්භක උත්සවය පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය.මෙම තරගාවලිය සඳහා රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ සියලු ම අධ්‍යාපන කලාප නියෝජනය කරමින් පාසැල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 700ක් පමණ එක්ව සිටියහ.එහිදී කුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දී ජයග්‍රහනය ලැබූ පාසැල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා මූල්‍ය ප්‍රදානයන් ද සිදුකරනු ලැබීය.මෙම අවස්ථාවට පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද එස්. වීරසූරිය, ආණ්ඩුකාර සහකාර ලේකම් ශමේධානි මාතරහේවගේ, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සේපාල කුරුප්පුආරච්චි, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ රුවන් ප්‍රේමරත්න සහ පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ උපසාර අලහකොන් යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.